― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන වැදී, ස්ථාන මාරුවක් දෙන්න හැදූ පොහොට්ටුවේ මන්ත්‍රීට වැඩ...

ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන වැදී, ස්ථාන මාරුවක් දෙන්න හැදූ පොහොට්ටුවේ මන්ත්‍රීට වැඩ වරදී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පහරදීමක් හා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් මොහු අත් අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරාපොල ප්‍රදේශයේ පදිංචි අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.

ග්‍රාම සේවා කාර්යාලයක් පවත්වා ගෙන යන නිවසකට පැමිණ එහි සිටි එක් දරු මවකට පහර දී ග්‍රාම නිලධාරිනියකගේ ජංගම දුරකථනයක්ද පොළොවේ ගසා කුඩු කර ඇති අතර පහර කෑ කාන්තාව සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට එරෙහිව පැමිණිල්ලක් කිරීමට අත්තනගල්ල පොලීසියට ගොස් සිටියදී මන්ත්‍රීවරයා පොලීසියට පැමිණ තිබේ.

පසුව ඔහු පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යසේන්ද්‍ර නාලක මහතාට නිවසට ගල් ගැසූ පුද්ගලයින්ට ඇප දුන්නා නේද යැයි ඉතාමත්ම අසභ්‍ය ලෙස පරුෂ වචනයෙන් බැන වැදී වැඩි දවසක් යන්නට මත්තෙන් ඔහුව මාරු කර යවන බවට තර්ජනය කර කළ බවද පොලීසිය කියයි.

මන්ත්‍රීවරයාගේ නිවසට පසුගිය 09 වැනිදා ගල් ගසා අලාභ හානි කළ පුද්ගලයින් පිරිසක් ඇප මත මුදා හැරීමේ සිද්ධියක් මුල් කරගෙන මන්ත්‍රීවරයා මෙලෙස අත්තනගල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන වැදී ඔහු මාරු කර යවන බවට තර්ජනය ඇත.

පසුව මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.