― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහත් පාරක් ණය ශ්‍රේණිගත කිරීම්වල කප් ගැසූ ලංකාවේ කෙරුවාව

හත් පාරක් ණය ශ්‍රේණිගත කිරීම්වල කප් ගැසූ ලංකාවේ කෙරුවාව

ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් තුළින් වසර 07ක කාලය තුළ (2015 මැයි – 2022 මැයි) හත් වතාවක් ස්ථානයෙන් පහත වැටී ඇත.

මේ කාරණාවේ ඇති විශේෂත්වය නම් එම අවස්ථාවලින් පහක් 2020 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා සිදු වී තිබීමයි.

කෙසේ වෙතත් කලාපයේ ශ්‍රී ලංකාවට සමාන්තර ණය ශ්‍රේණි මට්ටම්වල පසුවූ සෙසු රටවල් පිළිබඳව සලකා බැලීමේදී ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් යහපත් මට්ටමින් පවත්වා ගෙන යාමට එම රටවල් මෙම වකවානුව තුළදී හැකියාවක් පෙන්වා ඇත.

2022 අප්‍රේල් 18 වන දිනට ගෙවීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කූපන් ගෙවීමක් සඳහා ලැබී තිබුණු මාසයක සහන කාලයක් අවසන් වූ වහාම 2022 මැයි 19 වන දින ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ර්‍ඪ් දක්වා පහත හෙළීමට ෆිච් රේටිංග්ස් කටයුතු කර තිබුනා.

පබ්ලික් ෆයිනෑන්ස් ඩොට් එල් කේ වෙබ් අඩවිය විසින් මෙම තොරතුරු අනාවරණය කර තිබුනා.