32.8 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට ජල කප්පාදුවක්

හෙට ජල කප්පාදුවක්

හෙට (27) ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 08ක කාලයක් සඳහා ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා කාලයේදී මෙම ජල කප්පාදුව සිදුකෙරෙන අතර ඒ අනුව අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට, බටපොළ, ඇල්පිටිය යන ප්‍රදේශවලට ජල කප්පාදුව සිදුකෙරේ.

බද්දේගම ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

එම කාලය තුළ හික්කඩුව ප්‍රදේශයට අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයේ.