25.6 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF සහය ගන්න නම් ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කළ යුතුයි

IMF සහය ගන්න නම් ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කළ යුතුයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ශ්‍රී ලංකාවට ලබාදීමට නම් ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කිරීමේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බවත් එවැනි තත්වයක් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාදිය හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය පවසයි.

ඉන්දියාවේ එන්.ඩී.ටී.වී රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරී අධ්‍යක්ෂවරිය මෙම අදහස් පළකර තිබේ. පවතින ආර්ථික අර්බුදයත් සමග ඇති වී ඇති තත්ත්වය දැකීමෙන් සිය හදවත බිදී ගොස් ඇති බව පෙන්වාදෙන ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පවසන්නේ වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳවැටී ඇති බවය.