24.5 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය ලේඛිකාවක් පළමු වරට බුකර් සම්මානයට හිමිකම් කියයි

ඉන්දීය ලේඛිකාවක් පළමු වරට බුකර් සම්මානයට හිමිකම් කියයි

ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගත් පළමු ඉන්දීය ලේඛිකාව බවට පත්වන්නට ගීතාංජලී ශ්‍රී ඊයේ (26) සමත් විය.

ඇය විසින් රචිත ‘ටොම්බ් ඔෆ් සෑන්ඩ්’ නොහොත් ‘රෙට් සමාධි’ නමැති කෘතිය සඳහා මෙලෙස බුකර් සම්මානයට පත්‍ර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“මම කවදාවත් බුකර් ගැන සිහින මැව්වේ නැහැ, මම කවදාවත් හිතුවේ නැහැ මට පුළුවන් කියලා. මොනතරම් විශාල පිළිගැනීමක්ද, මම පුදුමයට පත්වෙනවා, සතුටට පත්වෙනවා, ගෞරවයට පත්වෙනවා, නිහතමානී වෙනවා.” යනුවෙන් ලන්ඩනයේ පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී ඇය තම ත්‍යාගය පිළිගැනීමෙන් පසු ඇය සඳහන් කර සිටියාය.