29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්ධන හිඟය මානව හිමිකම් කඩ කිරීමක්

ඉන්ධන හිඟය මානව හිමිකම් කඩ කිරීමක්

මේ වනවිට ලංකාවේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ආයතන මට්ටමින් ගෙන ඇති ක්‍රියාමාර්ග විමසා බැලීම සඳහා අද (27) බලශක්ති අමාත්‍යංශය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ මහජන උපයෝගිතා කොමිසම යන ආයතනවල ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවනු ලැබීය.

රටේ වත්මන් ඉන්ධන හිඟය සහ මහ ජනතාවට සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට බාධාවක් වී ඇති සහ දිගු පෝලිම්වල දීර්ඝ කාලයක් රැඳී සිටීමට සිදුව ඇති තත්ත්වය සමනය කිරීමට අදාළ ආයතන ගෙන ඇති පියවර පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අදාළ ආයතනවලට දැනුම් දී ඇත්තේ බාධාවකින් තොරව ඛනිජ තෙල් ලබා ගැනීමට හැකි වන ක්‍රමවේදයක් ඉතාමත් කඩිනමින් සහ හදිසි අවශ්‍යතාවක් සේ සලකා සකස් කරන ලෙසයි.