30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිහාල් ෆොන්සේකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට

නිහාල් ෆොන්සේකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ඇන්තනී නිහාල් ෆොන්සේකා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක පවසයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පාර්ලිමේන්තු සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර ‍ධරනී ශිරන්තා විජයතිලක, ජයන්ත .එම්. ස්වාමිනාදන්, ඒ. ඒ මොහොමඩ් ෆාතිහු සහ සෙල්ලතම්බි සුමිත්‍රා හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ සාමාජිකයන් ලෙස නැවත පත් කිරීම සඳහා පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය හිමිවූ බව මහ ලේකම් ධම්මික දසනායක එහිදී ප්‍රකාශ කළේය.