25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනොරොච්චෝලේ යළිත් කොට උඩ

නොරොච්චෝලේ යළිත් කොට උඩ

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් එම බලාගාරය අක්‍රීයවීමේ අවදානමක් මතුව ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ ලේකම් එරංග කුඩාහේවා පවසයි.

අමතර කොටස්වල පවතින හිඟය මීට හේතු වී තිබේ. එමෙන්ම මෙහි දෙවන සහ තෙවන ජනන යන්ත්‍රයන්හි වාර්ෂික නඩත්තු කටයුතු වසර දෙකකින් පමණ සිදුකර නොමැති බවත් ලබන මාසයේදී එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වුවත් අමතර කොටස්වල පවතින හිඟය හේතුවෙන් එය කිරීමට නොහැකි වී ඇති බවත් ඔහු අවධාරණය කරයි.

ඇමරිකානු ඩොලර් මිලියන 43 ක වටිනාකමකින් යුත් අමතර කොටස් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දෙයි. විදේශ විනිමය අර්බුදය හමුවේ මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවත් මේ සම්බන්ධයෙන් සියලුම අංශ දැනුවත් කර ඇතත් තවමත් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.