― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsප්‍රංශයෙන් කෝටි 11ක ඖෂධ මෙරටට

ප්‍රංශයෙන් කෝටි 11ක ඖෂධ මෙරටට

ප්‍රංශය විසින් යුරෝ ලක්ෂ තුනක් (රුපියල් කෝටි 11ක්) වටිනා නිර්වින්දන සහ ශ්වසන අබාධ සඳහා භාවිතා කරන ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබේ.

ඖෂධ තොගය ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත භාර දී ඇත.

‘මෙම කාලෝචිත ප්‍රදානයට ස්තූතිවන්ත වන බව’ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ. මෙම ඖෂධ තොගයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කෝටි 11කට වඩා වැඩිය.