27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබංගලියන් සමඟ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

බංගලියන් සමඟ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) සමත් වුණා.

ඒ දෙරට අතර ඩකා හිදී පැවති දෙවන ටෙස්ට් තරගය කඩුලු දහයකින් ජය ගැනීමත් සමඟයි.

මේ අතර මෙම ජයග්‍රහණය ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වුණේ ටෙස්ට් තරගයක ඕනෑම කණ්ඩායමකට ජයග්‍රහණය සඳහා දෙවන ඉනිමට ලබාගැනීමට තිබූ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

මෙම තරගය ජයග්‍රහණ සඳහා ශ්‍රී ලංකා පිළට හිමවූ ඉලක්කය ලකුණු 29ක්. දෙරට අතර නිමා වූ පළමු ටෙස්ට් තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කඩුලු 10ක් බිඳ දැමීමට සමත් වූ අතර මීට පෙර ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 10ක් බිඳ දැමූ වේග පන්දු යවන්නා බවට පත් වුණේ චමින්ද වාස් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකදී කඩුලු 10ක් බිඳ දැමූ දෙවන වේග පන්දු යවන්නා බවට පත්වීමට අසිත ප්‍රනාන්දුට අද හැකියාව ලැබුණා. අසිත ප්‍රනාන්දු මෙම තරගයේ දී ලකුණු 144කට කඩුලු 10ක් බිඳ දැමුවා.