29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරන්ජන්ට නිදහස ලැබෙන දිනය මරික්කාර් කියයි

රන්ජන්ට නිදහස ලැබෙන දිනය මරික්කාර් කියයි

දැනට බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එළැඹෙන වසරේ මැයි මාසය වන විට නිදහස ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ හිටපු මන්ත්‍රීවරයාගේ කල්ක්‍රියාව මත සහ ඉදිරියේ බෝනස් ලැබීම නිසා ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි මාසය වන විට කොහොමත් නිදහස ලැබෙන බවයි.

මම ඊයේ ගියා රන්ජන් රාමනායක මැතිතුමාව බලන්න. එතකොට රන්ජන් රාමනායක මැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ එතුමාව බේර ගන්න එතුමට නිදහස ලබා ගන්න කවුරුවත් ආණ්ඩුවට එකතු වෙන්න ඕන නෑ කියන එක. ඒ වෙනුවෙන් එතුමව බිල්ලට දෙන්න ඕන නෑ කියලා තමයි එතුමා පැහැදිලව කියන්නේ. රන්ජන් රාමනායක මැතිතුමට ලබන අවුරුද්දේ මැයි මාසයේ කොහොමත් නිදහස ලැබෙන්න ඕන. එතුමාගේ කල් ක්‍රියාව හොඳ වීම, බෝනස් ලැබීම නිසා ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වෙනකොට එතුමා කොහොමත් නිදහස ලබනවා. මම දැක්කා වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙනවා කොමිටියක් පත්කරනවා කියලා. මොන කොමිටිද? දුමින්ද සිල්වාට නිදහස ලැබුණේ කොමිටියකින්ද? රෝයල් පාක් එක්කෙනා නිදහස් කරන්න කොමිටි පත්කළාද?