― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsලංකාවේ ආර්ථිකය බිඳවැටුණේ වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙසයි

ලංකාවේ ආර්ථිකය බිඳවැටුණේ වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙසයි

ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කිරීමේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලැබුණු පසු ශ්‍රී ලංකාවට සහය ලබාදීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඉන්දියාවේ එන්.ඩී.ටී.වී රූපවාහිනී නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරී අධ්‍යක්ෂවරිය සඳහන් කළේ ශ්‍රී ලංකාවට සහය ලබාදීම සඳහා ආර්ථික පදනමක් සකස් විය යුතු බවයි.

පවතින ආර්ථික අර්බුදයත් සමබ්බ්ග ඇති වී ඇති තත්ත්වය දැකීමෙන් සිය හදවත බිඳී ගොස් ඇති බව එහිදී පෙන්වා දුන් ක්‍රිස්ටලීනා ජෝර්ජීවා කියා සිටියේ වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳවැටී ඇති බවයි.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් නගා සිටුවීම සඳහා සහයෝගය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරන්තරයෙන් සූදානමින් සිටින අතර ඒ සඳහා තාක්ෂණික කණ්ඩායමක් මේ වන විටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් තමන් ඉන්දියාවට ගෞරව කරන බවත් දුෂ්කර කාලවලදී සහයෝගය ලබාදීම මගින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ හොඳ මිතුරෙකු බව පෙනීයන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියාය.