― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ජනපතිගෙන් ඉල්ලීමක්

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ට ජනපතිගෙන් ඉල්ලීමක්

ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක් කර ගැනීම සඳහා සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලිබල උත්පාදනයට දායක කර ගැනීමේදී පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමට ඊයේ (26) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයෙන් ලබා ගැනීම රජයේ ඉලක්කය වී ඇති අතර මේ වන විටත් මෙගාවොට් 700කට ආසන්න විදුලි ධාරිතාවක් සූර්ය බලශක්තියෙන් ජනනය කිරීමේ හැකියාව පවතී.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ විරුද්ධත්වය හේතුවෙන් එය ඉටු කර ගැනීමට නො හැකි වී ඇති බව ජනතා මතය වී ඇති අතර එය නිවැරදි කරමින් පවතින විදුලි අර්බුදය විසඳීමට ප්‍රායෝගිකව දායක විය හැකි බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය, ලොව බොහෝ රටවල ප්‍රධාන උපායමාර්ගය වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය අනුගමනය කරමින් පවතින විදුලි අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස වහල මත සවි කරන සූර්ය පැනල පද්ධති යොදා ගැනීම සිදු විය යුතු බව සඳහන් කළේය.

ප්‍රධාන විදුලිබල පද්ධතියේ දැනට පවතින ධාරිතාව මත මෙගාවොට් දහසකට ආසන්න නව විදුලි උත්පාදනයක් එක් කර ගත හැකි බව විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ) පී.ඩබ්. හෙන්දහේවා එහිදී පෙන්වා දුන්නේය.

ඛනිජ තෙල් යොදා ගනිමින් විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියල් සියයකට සහ ගල් අඟුරු යොදා ගනිමින් විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියල් පනහකට අධික පිරිවැයක් දැරීමට සිදුවෙයි. ඒ වෙනුවට පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමෙන් ඩොලර් බිලියන 300කට අධික මුදලක් වාර්ෂිකව ඉතිරි කරගත හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ පැවසීය.

තාප බලයෙන් විදුලි උත්පාදනයට මසකට ඩොලර් මිලියන 100කට අධික මුදලක් වැය වන අතර ඒ අනුව පවතින මිලගණන් යටතේ තවදුරටත් විදුලිය සැපයීම දුෂ්කර කාර්යයක් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පෙන්වා දුන්නේය.

සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය සඳහා පාසල්, රෝහල් ඇතුළු රජයේ ගොඩනැඟිලිවල වහල ප්‍රයෝජනයට ගැනීමෙන් විශාල භූමි ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේය.