වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ විසින් එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
නීතිඥවරුන් විසින් ඇය ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම ලබන 30 වැනිදා සලකා බලන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (27) නියම කළේය.
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් තබාගැනීමේ චෝදනාවට වරදකරු වූ ශෂී වීරවංශට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අද (27) වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කළේය.