― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසල්ලි අච්චු ගහන්නයි, ණය ගන්නයි මුදල් ඇමතිවරයෙක් මොකටද?

සල්ලි අච්චු ගහන්නයි, ණය ගන්නයි මුදල් ඇමතිවරයෙක් මොකටද?

එදා රනිල්ගේ ජාතික ප්‍රතිපත්තියට විරුද්ධ වූ අය අද රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ධාතු කරඬුව වගේ ඔළුවේ තියාගෙන යන බවත් රනිල්ගෙ කටින් බතල හිටවන ආර්ථිකය ක්‍රියාත්මක වුණා නම් අද ලංකාවත් ජපානයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

“පොහොට්ටු ආණ්ඩුවේ නව මුදල් ඇමති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ පත් කර තිබෙනවා. අපි සමහර සිදුවීම්වලට දෛවයේ සරදම් කියලා කියනවා. 2015 කලක් සිට මුදල් ඇමැති ලෙස රවී කරුණානායක වුවත් මහ බැංකුව තිබුණේ රනිල් වික්‍රමසිංහ යටතේ. ඒ වගේම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තිබුණේ රනිල් වික්‍රමසිංහ යටතේ. රනිල් මේ රටේ දේපළ ටික වික්කා, හම්බන්තොට වරාය වික්කා, ශ්‍රී ලන්කන් සමාගම විකුණන්න හැදුවා. කොළඹ නගරයේ වටිනා ඉඩම් විකුණන්න ඒ කාලේ සැලසුම් කළා. නැගෙනහිර ජැටිය විකුණන්න සැලසුම් කළා. විවිධ ආර්ථික සමුළුවල රනිල් ගිහිල්ලා කතා කළාට ආයෝජන ආවෙ නෑ.

ඒ කාලෙත් තම විසඳුම විකිණීමයි. ඉතිරි වෙලා තියෙන ජල, විදුලි, බැංකු, දුම්රිය දෙපාර්තමේන්තුව ආදිය විකිණීම ගැනත් ඒ කාලේ සාකච්ඡා තිබුණා. ඒ කාලේ වෙච්ච එකම දේ මෙතරම් මුදල් අච්චු නොගැසීමයි. රනිල්ගේ එදා ඒ ප්‍රතිපත්ති අද ඒ ආකාරයටම ගෙනියනවා. MCC ගිවිසුම හරහා රනිල් ඩොලර් මිලියන 450ක් දෙනවා කිව්වා. ඒකට විරුද්ධව එදා මතයක් හදා රාජපක්ෂලා බලය ගත්තා. අද රනිල් වික්‍රමසිංහ හරහාම රාජපක්ෂලාට ඕන දේ කරගන්න රාජපක්ෂලා වැඩකරනවා. එදා විකිණීමට විරුද්ධව පෙළපාළි ගිය අය අද රනිල් වික්‍රමසිංහ රටේ සම්පත් විකුණද්දී අත ඔසවනවා. එදා රනිල්ගෙ ජාතික ප්‍රතිපත්තියට විරුද්ධ වූ අය රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය අද ධාතු කරඬුව වගේ ඔළුවේ තියාගෙන යනවා.

ලංකා ඉතිහාසය එකම පවුලේ තිදෙනෙක් මුදල් ඇමති ලෙස හිටියා මහින්ද, ගෝඨා, බැසිල්. ඒ අය ඒක තියාගෙන හිටියා, නැත්නම් විශ්වාසවන්ත කෙනාට දෙනවා. රාජපක්ෂලාට විශ්වාස රනිල් අගමැතිකමට පත් කළේ ඒ විදිහට. එදා රනිල්ගෙ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා නම් අපි අද ජපානය කිට්ටුවට යන්න ඕනෑ.”