26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය සේවයේ අතිකාල කප්පාදුවක් නැහැ

සෞඛ්‍ය සේවයේ අතිකාල කප්පාදුවක් නැහැ

අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා සෞඛ්‍ය සේවයේ වෘත්තිකයින්ගේ අතිකාල හා දීමනා පෙර අනුගමනය කළ ක්‍රමයට අනුවම පවත්වාගෙන යාමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය වියදම් පාලනය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයක් අනුව රාජ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා ඇතුළු දීමනා සම්බන්ධ‍යෙන් සීමාවන් පනවා ඇති බව එහි ලේකම් එස්. ජේ. එස්. චන්ද්‍රගුප්ත පැවසීය.

එහෙත් සෞඛ්‍ය ක්ෂේත්‍රය අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු වෘත්තිකයින්ගේ සේවාව ඉතා හදිසි හා අත්‍යවශ්‍ය වන අතර එම කටයුතු කල් දැමීමට ‍හෝ නතර කිරීමට ‍නොහැකි බව සෞඛ්‍ය ලේකම්වරයා ලිපියක් මගින් අයවැය අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.

සෞඛ්‍ය අමත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ එම ලිපියේ ඇති කරුණු මුදල් අමාත්‍යංශය පිළිගෙන ඇති බවයි.

මේ අතර පසුගිය මාසයේ සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල හා දීමනා කප්පාදුවකින් තොරව ලබාදීමට ද පියවර ගන්නා බව සෞඛ්‍ය ලේකම්වරයා පැවසී ය.