අද විරෝධතාවයේ නියැළුණු විරෝධතාකරුවන්ට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම විරෝධතාකරුවන් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ බැංකු මාවතට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස ජල සහ කඳුළු ගෑස් එල්ල කර තිබේ.
දින 50ක් සම්පූර්ණ වීම වෙනුවෙන් අද සංවිධානය කර ඇති විරෝධතාවට එක්වන විරෝධතාකරුවන්ට කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝගයක්ද නිකුත් කර තිබුණි.