― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalණය ගත්තේ මම නෙවෙයි.. දයා ඇපරල් එකෙන් - දයා ගමගේ

ණය ගත්තේ මම නෙවෙයි.. දයා ඇපරල් එකෙන් – දයා ගමගේ

තමා මහජන බැංකුවෙන් රුපියල් බිලියන 03ක ණය ලබාගෙන වසර පහක් තුළ කිසිදු මුදලක් නැවත ගෙවා නොමැති බවට ශානකියන් රාසමානික්කම් මන්ත්‍රීවරයා එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව දයා ගමගේ පවසයි.

අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

තමා මහජන බැංකුවෙන් කිසිදු ණය මුදලක් ලබාගෙන නොමැති බව ඔහු එහිදී අවධාරණය කළේය.

මෙම ණය මුදල ලබා ගත්තේ දයා ගමගේ වන තමා නොව දයා සමූහ ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක දයා ඇපරල් නමින් තිබෙන සමාගමක් බවත් ණය මුදල ලබා ගන්නා කාලසීමාව වනවිට එම සමාගමට තමාගේ කිසිදු හවුල්කාරීත්වයක් නොතිබූ බවත් දයා ගමගේ එහිදී ප්‍රකාශ කළේය.

දයා ඇපරල් ආයතනය රුපියල් මිලියන 259ක් හා ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ආයතනය රුපියල් මිලියන 704 ක් ණය ලබාගෙන ඇති බවත් ඔහු පවසනවා. දයා ඇපරල් ආයතනය ලබාගත් ණය මුදලින් රුපියල් මිලියන 10 ක් ගෙවා ඇති බවත්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ආයතනය රුපියල් මිලියන 200 කට වැඩි ප්‍රමාණයක් ගෙවා ණය අලුත්කර ඇති බවත් දයා ගමගේ එහිදී හෙළි කළේය.

අලුත්කර ණය මුදල නිසි කාලයේදී ගෙවා ඇති බවත් ඉතිරි ණය මුදලද ඒ ආකාරයෙන්ම ගෙවා දැමීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.