29 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රියේ වෙන් කළ අසුන් මිල ඉහළට

දුම්රියේ වෙන් කළ අසුන් මිල ඉහළට

දුම්රිය වෙන් කළ අසුන් සඳහා වන ගාස්තු ජුනි 01 වැනිදා සිට ඉහළ දමා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය පාඩුව අවම කර ගැනීම සඳහා එම මිල ගණන් ඉහළ දැමීමට සිදුවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේය.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පැවසුවේ, ඒ අනුව ලබන පළමු වැනිදා සිට දුම්රිය වෙන් කළ අසුන් සඳහා වන ගාස්තුව 30%කින් ඉහළ දමන බවයි.

දෛනිකව ඉන්ධන සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 40ක් පමණ වැය කිරීමට සිදුවුවද දෛනික ආදායම රුපියල් මිලියන 15ක් පමණ වන බව පැවසූ දුම් රිය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ ඉන්ධනවලට අමතරව අනෙකුත් කාර්ය සඳහාද දෛනිකව මිලියන 30ක් වැය වන බවයි.