29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalපාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ කපුටා අතේ

පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ කපුටා අතේ

පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ කපුටා අතේ බව පිළිගන්නා බවත් ‘RanilGoHome, ‘GotaGoHome’ පැත්තකින් තබා සියලු දෙනා මෙම අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

අද (30) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහහ්න් කළේය.

පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ කපුටා අතේ කියන එක අපි පිළිගන්නවා. මේ පාර්ලිමේන්තුවේ 21 වන සංශෝධනය හරහා කපුටු ග්‍රහණයෙන් පාර්ලිමේන්තුවත් රටත් මුදව ගන්න පුළුවන් වේවි. කපුටට බය නම්, එයා ඇමති මණ්ඩලයේ මුදල් ඇමති ලෙස වාඩි වෙලා ඉදිද්දී තමයි අපි සටන් කළේ. දැන් කපුටත් එක්ක සටනක් නෑ. පිහාටු ගැලවිලා තියෙන්නේ. කවුද බලය ඉන්නේ ඒ අයට පක්ෂ දේශපාලනය පැත්තකින් තියලා හැමෝම සහය දීලා නරාවලෙන් ගොඩ එන්න ඕන. ගොඩ ආවාට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ඕනේ. මැතිවරණයේදී ජනතාවට තීන්දු කරන්න දෙමු කවුද හරි වැරදි කවුද හොඳ කවුද නරක කියලා.