29.5 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික අංශයටත් වැටුප් වැඩි කළ යුතුයි

පෞද්ගලික අංශයටත් වැටුප් වැඩි කළ යුතුයි

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගේ පමණක් වැටුප් වැඩිකිරීම නොව රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම සේවකයින්ගේ ප්‍රවාහන සහ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යම් කිසි දීමනාවක් ලබා දීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ පැවසීය.

ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (30) කොළඹදී පැවති උත්සවයකට එක්වෙමිනි.

අද වනවිට සේවයට වාර්තා කිරීම පවා දැඩි වියදමක් වී ඇති බවත් ඉදිරියේදී උග්‍ර ආහාර හිඟයකට මෙරට ජනතාවට මුහුණ පෑමට සිදුවන බව ඉඳුරාම තමාට විශ්වාස බවත් හෙතෙම එහිදී අවධාරණය කලේය.