29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමං ඉවත් වුණේ ඉහළින් ආ නියෝගයකින්

මං ඉවත් වුණේ ඉහළින් ආ නියෝගයකින්

තමාට තනතුරෙන් ඉවත් වෙන්න යැයි ලිඛිතව ඉල්ලීමක් කර තිබූ බවත් මේ වනතෙක් තමාට අමාත්‍යවරයාගෙන් කිසිඳු දුරකථන ඇමතුමක් නොලැබුණු බවත් සංචාරක මණ්ඩලයේ හිටපු සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසයි.

මෙලෙස ඉවත් වන ලෙස ලිපියක් ලැබුණු පසු තමා දුරකථන ඇමතුමක් ලබා ගැනීමට කටයුතු කළ බවත් තමා ළඟ අමාත්‍යවරයාගේ දුරකථන අංකයක් හෝ නොමැති බවත් ඇය සඳහන් කළාය.

සංචාරක මණ්ඩලයේ හිටපු සභාපතිනිය ලෙස තමා කළ වැඩ කටයුතු සෑම දෙයක්ම වෙබ් අඩවියේ ඇති බව පැවසූ කිමාලි ප්‍රනාන්දු කියා සිටියේ තමා ඉවත් කිරීම සම්බන්ධයෙන් හිතට දුකක් නැති බවත් තමාට ඇති ජනතා ආදරය නිසා හරි දෙයක් කළා කියන හැගීම තිබෙන බවයි.