නේපාල ගුවන් යානයක් පියාසර කරමින් සිටියදී අතුරුදන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මෙම ගුවන් යානයේ සම්බන්ධතා බිඳ වැටෙන විට එහි මගීන් 22ක් ගමන් කර ඇති අතර ගුවන් යානය Pokhara සිට Jomsom දක්වා පියාසර කරමින් සිටි බව වාර්තා වෙයි.
ඉන්දීය ජාතිකයින් 04 දෙනෙකුත් ජපන් ජාතිකයින් තිදෙනෙකුත් ගුවන් යානයේ සිට ඇති අතර ඉතිරි පිරිස නේපාල පුරවැසියන් සහ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අතුරුදන්වූ යානය සොයා වැඩිදුර මෙහෙයුම් ක්‍රියාත්මකය.