― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමහින්දට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක් කර නැහැ

මහින්දට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක් කර නැහැ

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව එම කොමිෂන් සභාව පවසයි.

පසුගිය 09 වැනිදා කොළඹ ගාලු මුවදොර සහ කොල්ලුපිටිය යන ප්‍රදේශවල ඇතිවූ සිද්ධීන්ට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ලබන බදාදා මානව හිමිකම් කොමිසමට පැමිණෙන ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මාධ්‍ය වෙත පවසා ඇත්තේ, තමන් මේ දක්වාත් එවැනි තීරණයක් ගෙන නොමැති බවය. කෙසේවෙතත් අදාළ සිද්ධිය පිළිබඳව දැනටමත් කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවද එම කොමිසම සඳහන් කර තිබේ.

එම පරීක්ෂණවලට අදාළව පාර්ශව රැසකගෙන් ප්‍රකාශ මේ වන විටත් ලබාගෙන ඇති අතර ඉදිරියේදී අවශ්‍ය වුවහොත් මැති ඇමතිවරුන්ගෙන්ද ප්‍රකාශ ලබාගැනීමට සිදුවන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

එහෙත් හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් එවැනි ප්‍රකාශයක් ලබාගැනීමට මේ දක්වාත් තීරණය කර නො‍මැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.