28.4 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිමල්ගේ නඩුවක් මාස තුනකට කල් යයි

විමල්ගේ නඩුවක් මාස තුනකට කල් යයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු 06කට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු 29 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළේය.

2016 වසරේදී එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වී මහජන පීඩාවක් සිදුකිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනු කර තිබේ.