සැලසිනේ රූපවාහිනි ආයතනයට නව ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී එහි අධ්යක්ෂ මණ්ඩලය නොමඟ යවා රුපියල් මිලියන 21කට ආසන්න මුදලක් වංචා කර බරපතල මූල්‍ය වංචාවක් සිදු කර ඇතැයි වාර්තා වෙයි.
මූල්‍ය අක්‍රමිකතා මෙන්ම වෙනත් දූෂණ ක්‍රියාවන්ද මෙම ආයතනය තුළදී සිදු වී ඇති බව අනාවරණය වී තිබේ.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දැනටමත් පොලිස්පතිවරයාගෙන් මෙම මූල්‍ය වංචාවට එරෙහිව කටයුතු කරන මෙන් ලිඛිතව ඉල්ලා ඇති අතර මේ පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත පැමිණිළි ගණනාවක්ම ලැබී ඇති බවද වාර්තා වෙයි.