21 වැනි සංශෝධනය කියන්නෙ උගුලක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපණ ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
අද 30 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපණ ලේකම් පුබුදු ජයගොඩ
2001 වසරේ දාහත් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආවා. ඊට පස්සේ 2010 වසරේ මහින්ද රාජපක්ෂ බලය තහවුරු කර ගැනීමෙන් පස්සේ දෙවැනි ධුර කාලයට 18වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා දාහතේ තිබුණු ප්‍රතිපාදන අවලංගු කරා.
ඊට පස්සේ යහපාලන ආණ්ඩුව පැමිණීමත් සමග 2015දී නැවත වතාවක් දහනම වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ආවා.
ඒක හරහා ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටවූවා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පස්සේ 2020 අවුරුද්දේ දී නැවත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කරලා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා.
දැන් නැවත සාකච්ඡා වෙලා තියෙනවා 2022 අවුරුද්දේදී ආපහු සැරයක් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කරලා විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන්,
දැන් අවුරුදු දහයක විස්සක විතර කාලයක ඉඳලා හැමදාම මේක එක දිගට හෝද හෝද වැලේ දාන තත්ත්වයක් තියෙනවා .
ජනතාව පාරට බැහැලා ආර්ථික ප්‍රතිසංස්කරණ ඉල්ලනවා. තව පැත්තකින් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලනවා.
අරගලය ගත්තොත් එහෙම අරගලයේ ප්‍රධාන ම ඉල්ලීම ගෝඨා ගෙදර යන්න ඕන. දෙවැනි එක තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙන්න ඕන.
ගෝඨා ගෙදර යවද්දී ජනතාවට තමන් පත් කරපු නියෝජිතයන් යළි කැඳවීමේ බලය තමයි මේ ජනතාව ඉල්ලන්නේ.
අවුරුදු පහක් යනකම් ඉන්න බෑ අපි පත් කරපු කෙනා නැවත කැඳවන්න ඕනේ කියලා.
පාර්ලිමේන්තුව දේශපාලන පක්ෂ ක්‍රමය මේ තියෙන මුළු ස්තාපිතය ම සම්බන්ධ බරපතළ අවිශ්වාසයක් එක්ක මේකේ ඇත්ත ජනතා නියෝජනයක් නෑ කියන එක තමයි ජනතාව කියන්නේ.
ආණ්ඩු කරණයේ දී නීති සම්පාදනයේ දී පරිපාලන කටයුතු වල දී ජන සහභාගිත්වයක් අරගල කරන ජනතාව ඉල්ලනවා.
අපි මොනව හරි විදිහක දේශපාලන ප්‍රතිසංස්කරණයක් ගේනවා නම් මෙන්න මේ මූලික කරුණු ටික ඉදිරිපත් වෙන්න එපැයි ඒකෙ.
විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඔය මොකක්වත් නෑ.
මේ ඇවිල්ල තියෙන ප්‍රශ්නයට පිළිතුරක් ලෙස ද මේක ගේන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා.
මේක ගෙනල්ල තියෙන විදිය වැරදියි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් හදද්දි හරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් කරද්දි හරි ඒක කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා.
ඒක කරන්න පුළුවන් අධිකාරීවාදී ක්‍රමය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයෝ ටික දෙනකුයි පාර්ලිමේන්තුවේ බලය තියෙන ටික දෙනෙකුයි එකට වාඩි වෙලා ඒගොල්ලො කාමරයක් අස්සෙ මොකක් හරි ලියැවිල්ලක් ලියලා ඒක රටේ මූලික නීතිය බවට පත් කරනවා.
ඒක තමයි දැන් මේ කරමින් යන්නේ. දෙවෙනි එක තමයි ජනතාවත් සමග එකතුවෙලා ජනතාවගේ සහභාගිත්වයක් සහිතව සංශෝධනයක් හදන එක.
අවම වශයෙන් මේ සම්බන්ධව ජනතාව තුළ සංවාදයක් කරන්න වත් ඉදිරිපත් වෙලා නෑ.
විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි මේකේ මූලික කෙටුම්පත් තුනක් දැක්කා.
පළවෙනි එක තමයි සමගි ජන බලවේගයේ රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරිපත් කළා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පනත් කෙටුම් පතක්. දෙවැනි එක විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කරා විසිදෙවැනි ව්‍යවස්ථා සංශෝධනය කියන නමින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්.
ඊට පස්සේ ඔහු ඒක ඉවත් කර ගත්තා. දැන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරලා තියනවා කැබිනට් මණ්ඩලයට සහ දේශපාලන පක්ෂ නායකයන්ට විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමින් තවත් පනත් කෙටුම්පතක්.
විජේදාස රාජපක්ෂ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරපු පනත් කෙටුම්පත ඔහු විසින්ම ඉවත් කර ගත්තා කියලා හිතුවොත් එහෙම මේකේ මූලික කෙටුම්පත් දෙකක් තියනවා
සමගි ජන බලවේගය විසින් රංජිත් මද්දුම බණ්ඩාර ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරපු කෙටුම්පතේ විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීමක් තමයි යෝජනා වෙලා තියෙන්නේ .
නමුත් ඒ විධායක බලය අගමැතිවරයාට පැවරීම ක්.
ඒක දහනම වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවල ගිහිල්ල තියෙනවා. විධායක බලතල ජනාධිපතිවරයාගෙන් ඉවත් කිරීම විසින් ඒක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලතල ඉක්මවල ගිහිල්ල තියෙනවා.
අනික් පැත්තෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය කියන එකත් කොමිෂන් සභාවට යටත් කිරීම විසින් ඒක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවල ගිහිල්ල තියෙනවා ඒ විතරක් නෙමෙයි වෙනම ජනතාවට මැදිහත් වියහැකි මහජන සභාවක් නම් කිරීම විසින් ඔවුන් මූලික වශයෙන් දහනවවැනි සංශෝධනය ඉක්මවල ගිහිල්ල තියෙනවා.
ඒ නිසා අපිට කියන්න පුළුවන් මේක එක්තරා විදිහක නයින්ටීන් ප්ලස් කියලා වෙච්ච පොරොන්දුවක්.
නමුත් දැන් මේ කැබිනට් මණ්ඩලය විසින් ඉදිරිපත් කරල තියෙන එක මොකක්ද.
මේකේ ප්‍රධාන ලක්ෂණ කීපයක් අපිට බලන්න පුළුවන්.
විධායක ජනාධිපතිවරයාගේ බලතල යම් ප්‍රමාණයකට අඩු කරල තියෙනවා.
ස්වාධීන කොමිෂන් සභාවලට නියෝජිතයින් නම් කිරීම සඳහා ජනාධිපති වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නම් කරලා තියෙනවා.
මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමන්විත වෙන්නේ ජනාධිපතිවරයා විසින් නම් කරන නියෝජිතයෙක් අගමැති නම් කරන නියෝජිතයෙක් විපක්ෂ නායක නම් කරන නියෝජිතයෙක් කතානායක නම් කරන නියෝජිතයෙක් අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා එකට එකතු වී නම් කරන නියෝජිතයන් තුන්දෙනෙක් මේ සියලු දෙනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්.
ඊට අමතරව අග්‍රාමාත්‍ය ධූරය සහ විපක්ෂ නායක ධුරය දරන පක්ෂ දෙක හැරුණු විට අනෙකුත් පක්ෂ අතරින් එක මන්ත්‍රීවරයෙකු තෝරන්න පුළුවන්.
ඒ අට දෙනාම ගත්තට පස්සේ ඒ අය පාර්ලිමේන්තු මන්ත්රීවරු. ඊට අමතරව එළියෙන් තුන්දෙනෙක් නම් කරලා තියෙනවා වෘත්තීයවේදීන් අතරින් එක්කෙනෙක් වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් එක්කෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් රාජ්‍ය විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක්.
ඔහොම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමන්විත වෙන්නේ.
ජනාධිපතිවරයාගේ සමහර බලතල අඩු කරල තියෙනවා ජනාධිපති වරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කරලා එතනින් අනුමත කළොත් විතරයි මේ පත් කිරීම් කරන්න පුළුවන් කියලා කලින් ජනාධිපතිවරයාට අත්තනෝමතික ලෙස තනි තීරණ අරන් පත් කරන්න තිබුන ඇතැම් තනතුරු වෙනස් කරලා තියෙනවා.
අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ බලය. සභාපතිවරයා ඇතුළු අභියාචනාධිකරණයේවිනිසුරුවරුන් පත් කිරීමේ බලය. නීතිපතිවරයා පත් කිරීමේ බලය විගණකාධිපතිවරයා පත් කිරීමේ බලය.
පොලිස්පතිවරයා පත් කිරීමේ බලය මහ බැංකු අධිපතිවරයා පත්කිරීමේ බලය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ පාර්ලිමේන්තුවේ කොමසාරිස් වරයා පත් කිරීමේ බලය. පාර්ලිමේන්තු මහලේකම්වරයා පත් කිරීමේ බලය.
කලින් ජනාධිපතිවරයාට විශාල බලයක් තිබුන කැබිනට් ඇමතිවරු පත් කිරීමේ කැබිනට් නොවන ඇමතිවරු පත් කිරීමේ සහ අමාත්‍යංශ වල විෂය පථ තීරණය කිරීමේ ඒක ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාගේ උපදෙස් මත කටයුතු කළ යුතුයි කියලා මේක ලියලා තියෙනවා.
ද්විත්ව පුරවැසියන් ලෙස සිටින පුද්ගලයන්ට ජනාධිපතිධුරයට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න ඉදිරිපත් වෙන්න බෑ කියලා තියෙනවා. ඒක ගැන තමයි ඔය ඇතුළෙ ලොකුවටම බැසි රාජපක්ෂලා මැදිහත් වෙලා ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ
දැනට තියෙන කොමිෂන් සභා ප්‍රමාණයක ජනාධිපතිවරයාට තියෙන බලය ඉවත් කරලා ස්වාධීන කරන්න උත්සාහ කරලා තියෙනවා.
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කරපු විගණන කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසමත් නැවත පිහිටවලා තියෙනවා මේ ටික තමයි දැනට කෙටියෙන් ගත්තොත් එහෙම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙන සංශෝධනයේ තියෙන්නේ..
මේකෙ තියෙන ප්‍රධාන ප්‍රශ්න ටික මොකක්ද කියල බලමු. මේ ඉදිරිපත් කරලා තියන සංශෝධනයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා නෑ.
මේ සංශෝධනය ඇතුලේ ගෝඨාව ගෙදර යවන්න බෑ. මේකයි මේ යන අරගලය අතර කිසි සම්බන්ධයක් නෑ.
අරගලයේ ප්‍රධාන ඉල්ලීම් එකක්වත් ඉටු වෙලා නෑ. තමන් පත් කරන නියෝජිතයන් නැවත කැඳවීමේ බලයත් මේක ඇවිල්ලා නෑ.
යම් ආකාරයකට මේකෙ අගමැතිවරයාගේ බලය වැඩි කරලා තියෙනවා.
මේක උනානේ දහනම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී. ඒ කාලේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හිටියේ පක්ෂ දෙකකින්, මේ දෙන්නා අතර ඇති වෙන්න ඕනේ සම්මුතිය ඒ දෙන්නා අතර ඇති වෙන්න ඕන අවබෝධතා ගිවිසුම තමයි රටේ නීතිය බවට පත්කළේ.
මේ මොහොතේ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ සහ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ අතර යම් සම්මුතියක් යම් බල තුලනයක් අවශ්‍ය වෙලා තියෙනවා.
ඒක රටේ මූලික නීතියට ඇතුල් කරල. ඒ දෙන්න මොනවා හරි ඩීල් එකක් ගහ ගන්නවා නම් ඒක ගහගන්න එක වෙන දෙයක්
මේ තියෙන්නේ ගෝඨා රනිල් අශුද්ධ සන්ධානයක්. අපි චිරාත් කාලයක් තිස්සේ රත්නසිරි වික්‍රමනායකගේ ඉඳලා දීමූ ජයරත්න ඉඳලා ඊටත් කලින් ඩී බී විජේතුංග ලාගේ ඉඳලා අපි දැක්කා අගමැති කොහොමද පත් කරන්නේ කියලා.
අගමැති පත් කිරීම ගැන අපිට හොඳ අත්දැකීම් තියෙනවා. ජනතාව ඉල්ලනවනේ ආණ්ඩුකරණයට නීති සම්පාදනයට තමන්ට මැදිහත් වෙන්න ඕනේ කියලා එහෙම මැදිහත්වීමක් මේකෙ නැහැනේ.
මේ නිශ්චිත විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගත්තොත් එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අට දෙනයි එළියෙන් තුන්දෙනයි එන විදියට තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව හැදෙන්නේ .
ජනාධිපතිවරයාට ඇමති ධූර දැරීම සම්බන්ධව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තිබුණා වගන්තියක් ඇමතිධුර දරන්න බැහැ කියලා.
තාවකාලික සංක්‍රමණික කොන්දේසියක් විදිහට තිබුණා මේ දැන් ඉන්න ජනාධිපතිවරයාට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය මහවැලි අමාත්‍ය ධූරය පරිසර අමාත්‍ය ධුර ඒවා දරන්න පුළුවන් කියලා අර අගමැති ජනාධිපති අතර ගිවිසුම ඒක ලියලා තිබුණා.
ඒක පැහැදිලිව තිබුන එතනින් පස්සෙ එන ජනාධිපතිවරුන්ට අමාත්‍යධූර දරන්න බෑ කියලා.
අධිකරණය විසින් වරදකරු කරපු පුද්ගලයින්ට ජනාධිපති සමාව දෙන්න බලයක් තියෙනවා ඒක විශාල ප්‍රශ්නයක්.
රෝයල් පාක් සිද්ධියේදී එහෙම සැක තියෙනවා අල්ලස් අරන් ද ජනාධිපති සමාව දුන්නේ කියලා.
ඒ තරම් ප්‍රශ්නයක් මෙතැන තියෙනවා. ඒවාට වෙනසක් වෙලා නෑ. ජනාධිපතිවරයාට නීතිය ඉස්සරහ මුක්තියක් තියෙනවා.
ලලිත් කුගන් නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ පැනල ඉන්න මේ මුක්තිය හරහා.
අඩුම ගානෙ සාක්කියක් දෙන්නවත් අධිකරණය ඉස්සරහට එයා නෑ. අමතර එකක් තියෙනවා කලින් දහනමය නොතිබිච්ච එකක් මහබැංකු අධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් පත් කළ යුතුයි කියලා.
ඒක ජනාධිපතිවරයාට අත්තනෝමතික ලෙස පත් කරන්න බෑ කියලා තියෙනවා.
ප්‍රශ්නය තියෙන්නේ එක විතරක් ප්‍රමාණවත් නෑ.
මහබැංකු අධිපතිවරයා විතරක් නෙමෙයි මූල්‍ය මණ්ඩලය පත් කිරීම ජනාධිපතිවරයාට ඕන ඕන විදියට කරන්න දෙන්නෙ නැතිව යම් පාලනයකට යටත් කළ යුතුව තියෙනවා.
අවුරුදු ගානක් විගණන කොමිෂන් ප්‍රසම්පාදන කොමිෂන් තිබිලා මොනවද ඒවගෙන් කළේ.
උදාහරණයක් විදියට විගණකාධිපතිවරයා ජාතික විගණන කොමිසමේ සභාපති. සභාපති ලෙස ඉන්න අතරම විගනන දෙපාර්තමේන්තුව අභියාචන ප්‍රධානියා ඔහුගේ මුලිකත්වයෙන් කොමිසම ගන්නවා තීරණයක් ඒ කොමිසමේ තීරණය ආයෙ අභියාචනය කරන්න වෙන්නේ ඔහු ඉස්සරහ.
විගණකාධිපතිවරයාට වගකියන ඇමතිවරයෙක් නෑ.
මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ දේපල විගණනය කරන්න ඕන කියලා කියනවා නේ ඕක බොරු සටන්පාඨයක් දැන් තියෙන නීතියට අනුව ඕක කරන්න බෑ. විගණකාධිපතිවරයාට හෝ ස්වාධීන විගණන කොමිසමට විගණනය කරන්න පුළුවන් ආයතන විතරයි.
පුද්ගලයන් විගනණය කරන්න බෑ. පුද්ගලයන් විගණනය කළ හැකි වන පරිදි සංශෝධනයක් ඇතුල් කළ යුතුව තිබුණ මේකට.
මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඔක්කොම පාර්ලිමේන්තු මහලේකම්වරයා ගාව තියෙන්නේ. ඒවා කාටවත් බලන්න බෑ. අධිකරණ නියෝගයකින් විතරයි එකක් විවෘත කරන්න පුළුවන්.
අපි යෝජනා කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. 21 ක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ඒගොල්ලන්ගෙ බලය තහවුරු කර ගන්න ඩීල් ගහගන්න නැවත මේ ජනතාවගේ බලය යටපත් කරලා ප්‍රභූ පන්තියේ බලය උඩට ගේන්න හදාගත්ත කෙමනක් විතරයි.
මේක උගුලක්. අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ උගුලට අහුවෙන්න එපා. ජනතාවගේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා ජන සහභාගිත්වය සහිත වැඩපිළිවෙළක් හදමු.