32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඅයියව ඉවත් කළේ හිතකින් නෙවෙයි - ජනපති

අයියව ඉවත් කළේ හිතකින් නෙවෙයි – ජනපති

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් කිරීම තම දේශපාලන ජීවිතයේදී ගත් අසීරුම තීන්දුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ තමා එම අසීරු තීන්දුව ගත්තේ රට වෙනුවෙන් බවත් රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමට තමා සූදානම් බවත්ය.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ තම කැමැත්තට අනුව බව එහිදී පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කළේ ඔහු කෙරෙහි ඇති විශ්වාසයෙන් බවයි.