මේ වන විට රක්ෂිත බන්ධනාගාරව පසුවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරීක්ෂණයට ලබන මස 04 වැනිදා සහභාගි වන බවට තොරතුරු වාර්තා වෙයි.
ඔහු බන්ධනාගරගත වීමෙන් පසු විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඉලීමක් කර තිබූ අතර එම ඉල්ලීමට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදී අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීතිරීතිවලට අනුකූලව නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රංජන් රාමනායක විභාගයට සහභාගි කරවීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බවයි න්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසයි.