33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical21 සංශෝධනයට මගේ සහයක් නැහැ - සරත් වීරසේකර

21 සංශෝධනයට මගේ සහයක් නැහැ – සරත් වීරසේකර

ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරෙන 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වෙමිනි.

තමා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටද සහයෝගය නොදුන් බව එහිදී ප්‍රකාශ කළ සරත් වීරසේකර කියා සිටියේ ඒ ආකාරයටම 21 වැනි සංශෝධනයටද සහයෝගය නොදෙන බවයි.

රටේම මහජන ඡන්දයෙන් තේරී පත්වන විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට තමා එකඟ නැති බව හෙතෙම අවධාරණය කළේය.