27.2 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅගමැතිකමට විමල් වුණත් හොඳයි - වාසුදේව

අගමැතිකමට විමල් වුණත් හොඳයි – වාසුදේව

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ දහයේ කණ්ඩායමේ නායකයා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පත්කිරීමට තීරණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ දහයේ නියෝජිතයින් ඊයේ (31) පස්වරුවේදී කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර කියා සිටියේ “අපේ එකතුවේ නායකයා ලෙස විමල් වීරවංශ ඉස්සරහාට දාන්න තීරණය කළා. ඊළඟ අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වයට එතුමා වුණත් හොඳයි.” යනුවෙනි.