29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඇමතිකම් ගන්නා ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් තනතුරුවලින් ඉවතට

ඇමතිකම් ගන්නා ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් තනතුරුවලින් ඉවතට

අමාත්‍ය ධුර ලබා ගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු පක්ෂයේ දරන සියලු තනතුරුවලින් ඉවත් කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සිය පක්ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේදී, පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සිටිමින් රජය මහජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ සඳහා පමණක් පක්ෂයක් ලෙස සහය දැක්වීමට තීරණය කළ බවයි.

එම තීරණයට පටහැනිව අමාත්‍ය ධුර ලබා ගන්නා මන්ත්‍රිවරුන් පක්ෂයේ සියළු තනතුරුවලින් ඉවත් කරන බව එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.