31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalකැබිලිත්තේ රක්ෂිතයේ ඉඩම් අල්ලන්නන් අත්අඩංගුවට

කැබිලිත්තේ රක්ෂිතයේ ඉඩම් අල්ලන්නන් අත්අඩංගුවට

කැබිලිත්ත වන රක්ෂිතයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන සිටින අය අත්අඩංගුවට ගෙන නීති පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මොණරාගල දිස්ත්‍රික්කය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද (01) උපදෙස් ලබා දී තිබේ.

වගාවට යැයි කියමින් කැබිලිත්ත වනාන්තරයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ දරමින් සිටින බවට වන සංරක්ෂණ අමාත්‍යාංශයට ලැබුණු පැමිණිලි පදනම් කර ගනිමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේදී පැවති සාකච්ඡාවකදී නිලධාරීන් අමාත්‍යවරයාට පවසා ඇත්තේ වගාව සඳහා කැබිලිත්ත වනයෙන් පිටත අක්කර 25,000ක ඉඩම් ප්‍රමාණයක් ලබාදී ඇතත් ඒවා වගා නොකර රක්ෂිත ඉඩම් අත්පත් කර ගැනීමට ඇතැමුන් උත්සාහ දරන බවයි.