― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWeatherප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි - තවත් ප්‍රදේශ කිහිපයකට නායයාමේ රතු නිවේදන

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි – තවත් ප්‍රදේශ කිහිපයකට නායයාමේ රතු නිවේදන

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇති විය හැකියි.

මේ අතර, රත්නපුර, කෑගල්ල, කොළඹ, ගාල්ල, මාතර, කළුතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලට නාය යාම් අවදානමක් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව රත්නපුර, කලවාන, ඇලපාත, කුරුවිට සහ ඇහැළියගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස නාය යාමේ රතු නිවේදන නිකුත් කර ඇති අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකම ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබේ.