26.7 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් දැරියකගේ සිරුරක් පාළු ළිඳකින් හමුවෙයි

පාසල් දැරියකගේ සිරුරක් පාළු ළිඳකින් හමුවෙයි

වව්නියාව – නෙලුක්කුලම – ගනේෂපුරම් – මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ පදිංචි ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත 16 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් ඊයේ (31) හමු වී තිබේ.

වව්නියාව – ගනේෂපුරම් – මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ පාළු ලිඳක තිබී මෙම මළ සිරුර සොයාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස් නිල සුනඛයන් යොදා ගනිමින් සිදු කළ විමර්ශනවලදී සාක්ෂි කිහිපයක් අනාවරණය වී තිබේ. අදාළ දැරියගේ පාවහන් යුගලය සහ පොත් බෑගය ඇයගේ සිරුර ගොඩගත් ළිඳ ආසන්නයේ පිහිටි ගසක් යට තිබී හමු වී ඇති අතර මෙම දැරිය එම ගස යට මද වේලාවක් හිඳගෙන සිටින්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

පොලීසිය සැක පළ කරන්නේ මෙම දැරිය ළිඳට පැන සියදිවි හානි කර ගන්නට ඇති බවයි. පෙරේදා රාත්‍රියේදී මෙම දැරියගේ සිරුර ඇය ජීවත් වූ නිවස ඉදිරිපිට පිහිටි පාළු ඉඩමක ලිඳක තිබියදී සොයා ගැණුනි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.