31.1 C
Colombo
Wednesday, December 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රේක් නැති වූ මෝටර් රථය නිසා වාහන 20කට හානි

බ්‍රේක් නැති වූ මෝටර් රථය නිසා වාහන 20කට හානි

ඊයේ (31) සවස විශාඛා විද්‍යාලය අසළ මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් වාහන 20කට ආසන්න ප්‍රමාණයකට දැඩි හානි සිදුවී තිබේ.

ගාලු පාරේ සිට වජිර පාර හරහා ඩුප්ලිකේෂන් මාර්ග ඔස්සේ ධාවනය කිරීමට පැමිණි මෝටර් රථයක් එකවරම රියදුරුගේ පාලනයෙන් ගිලිහී විශාඛා විද්‍යාලය දෙසට වේගයෙන් ධාවනය වී තිබේ.

පොලීසිය සඳහන් කළේ එම මාර්ගය දෙපස නවතා තිබූ වාහන රැසක අදාළ මෝටර් රථය ගැටෙමින් ඉදිරියට ධාවනය වී ඇති බවය. වාහන 20කට ආසන්න සංඛ්‍යාවක් එලෙස අනතුරට ලක්වී තිබේ.