27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරත්මලාන හා මත්තල ගුවන්තොටුපොළවල් වැසීයාමේ අවදානමක

රත්මලාන හා මත්තල ගුවන්තොටුපොළවල් වැසීයාමේ අවදානමක

පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපොළ වැසීයාමේ අනතුරක් මතුව ඇති බව වාර්තා වේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් පවත්වාගෙන යෑමේ (නඩත්තු කිරීමේ) දුෂ්කරතා සහ ප්‍රමාණවත් ගුවන් යානා ප්‍රමාණයක් නොපැමිණීම යනාදී හේතු මත මෙම ගුවන් තොටුපොළවල් තවදුරටත් පවත්වාගෙන යෑම විශාල ප්‍රශ්නයක් වී ඇති බව වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම ගුවන්තොටුපොළවල් දෙකේ කාර්ය මණ්ඩල නඩත්තු කිරීමටද මේ වන විට විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇති අතර මත්තල ගුවන්තොටුපළේ රාජකාරි සඳහා කාර්ය මණ්ඩලය රැගත් සුඛෝපබෝගී බස් රථයක් කටුනායක සිට දිනපතා මත්තලට ගමන් කරන බවත් එම ප්‍රවාහනය සඳහාද විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

රත්මලාන ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස පසුගිය මාර්තු 27 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කෙරුණු අතර එදින මංගල ගමන පැමිණි මාලදිවයින ජාතික ගුවන් සේවයේ මගී ගුවන්යානය ආපසු පිටව ගොස් ඇත්තේද හිස් අතින්මය. ගුවන්තොටුපළ විවෘත කිරීමේ ඒ උත්සවයට රුපියල් ලක්ෂ 80 ක් පමණ වැය වී තිබිණැයි වාර්තා වේ.