― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews06 වැනිදායින් පසු පුද්ගලික බස් ධාවනයෙන් ඉවතට

06 වැනිදායින් පසු පුද්ගලික බස් ධාවනයෙන් ඉවතට

පෞද්ගලික බස් රථ ධාවනයට ඩීසල් ලබාදීමට රජය විධිමත් වැඩපිළිවෙළක් මේ සතිය තුළ සැකසිය යුතු බවත් එසේ සිදු කෙරෙන්නේ නැතිනම් එළඹෙන 06 වැනිදා සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළදී පෞද්ගලික බස් රථ ධාවනය කිරීම සිදු කෙරුණත් ඒ සඳහාද ඩීසල් ලබා ගත්තේ ඉතා ගැටලුකාරී තත්ත්වයක සිට බවත් අද දින සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීම හේතුවෙන් මෙම තීරණයට එලැඹි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම බස් රථ සඳහා ඩීසල් ලබාදීමට රජය විධිමත් වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් එසේ නොවන්නේ නම් දිගින් දිගටම මේ ආකාරයෙන් ධාවනය කිරීමට නොහැකි බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම දැනට ධාවනය වන බස් රථ ප්‍රමාණයද එළඹෙන 6 වැනිදා දිනයෙන් පසු ධාවනය නොකිරීමට තීරණය කරන බව ඔහු අවධාරණය කළේය.

පසුගිය කාලසීමාව තුළදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට බාධාවක් නොවන ආකාරයට උද්ඝෝෂණ හා විරෝධතා සිදු නොකර සිටි පුද්ගලයන්ට පමණි ස්තුති කරන බවද ඔහු එහිදී කියා සිටියේය.

එමෙන්ම ඊයේ (31) සිට බදු වැඩිකිරීමට රජය මගින් තීරණය කර ඇති අතර එය තම කර්මාන්තයටද දැඩි ලෙස බලපාන බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් අමතර කොටස්වල මිලද ඉහළ යාමට ඇති ඉඩකඩ වැඩි බවත් බදු වැඩි කිරීම පසෙකලා පාඩු ලබන ආයතන විකිණීම හෝ වෙනයම් ක්‍රමවේදයකින් මෙම අලාභ අයකර ගැනීම සිදු කළ යුතු බවත් මෙසේ බදු වැඩිකිරීම හේතුවෙන් පීඩාවට පත් වන්නේ සාමාන්‍ය පොදු මහජනතාව බව ඔහු කියා සිටියේය.