25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආහාර හිඟයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ ජනාධිපතිවරයායි - දුමින්ද

ආහාර හිඟයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ ජනාධිපතිවරයායි – දුමින්ද

ආහාර හිඟයට මෙන්ම ගොවියන්ගේ ප්‍රශ්නයටද වගකිව යුත්තේ ජනාධිපතිවරයා බවත් රට අද මෙවන් තත්ත්වයකට වැටී ඇත්තේ ජනාධිපතිවරයා තනිව ගත් තීන්දු තීරණ නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (02) විජයදාස රාජපක්ෂගේ මූලිකත්වයෙන් 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දැනුවත් කිරීමේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විශේෂයෙන් පොහොර ප්‍රශ්නය ගැන සෙසු ඇමතිවරු සහ නිලධාරීන් කොතෙක් කීවද අවසානයේ තීන්දුව ගත්තේ ජනාධිපතිවරයා බව හෙතෙම එහිදී අවධාරණය කළේය.

එදා ඔහුව ආරක්ෂා කිරීමට කටයුතු කළද අද ඇමතිවරු මෙන්ම නිලධාරීන්ද පවසන්නේ පොහොර සම්බන්ධයෙන් ගත් තීරණයේ බරපතලකම පෙන්වා දුන්නද ජනාධිපට්‍රහිවරයා එය නොඇසූ බවයි.