― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalදුම්රිය රියදුරන්ගේ සංගමය බන්දුලගේ කකුලෙන් අදියි

දුම්රිය රියදුරන්ගේ සංගමය බන්දුලගේ කකුලෙන් අදියි

අලුතින් දුම්රිය ගමන් වාර 50ක් ආරම්භ කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවැසූවත් එය ප්‍රායෝගික නොවන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසයි.

මීට දින දෙකකට ප්‍රථම ඇමතිවරයා දුම්රිය දෙපාර්තමේන්තුව හා මඳ වෙනස්කම් පිළිබඳව සාකච්ඡාවක් සිදු කළද මෙවැනි කාරණාවක් සම්බන්ධයෙන් කිසි අවස්ථාවක තමන් දැනුවත් කර නොමැති බවද දුම්රිය රියදුරන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කොළඹ කොටුව, මරදාන දුම්රිය ස්ථානවලට කාර්යාල දුම්රිය පැමිණීමත් සමඟ ඇතිවෙන තදබදය හා දුම්රිය වේදිකා සංඛ්‍යාව සීමිත වීම එයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙයි.

ප්‍රායෝගිකව මෙය ක්‍රියාත්මක කිරීම ගැටලුවක් වුවත් දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් හා වෘත්තිය සමිති සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත් බව හෙතෙම අවධාරණය කළේය.

එහෙත් ඊට ප්‍රථමයෙන් අත්හිටුවා තිබෙන රාත්‍රී තැපැල් දුම්රිය නැවත ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ පිළිබඳව දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා දැනුවත් කළත් ප්‍රතිඵලයක් නොලැබෙන බවත් ඒ සෝමරත්න ප්‍රකාශ කළේය.

බස්රථ ප්‍රවාහනයේදී බිඳ වැටීම් හා දුම්රිය ගාස්තු අඩු මට්ටමක පැවතීම නිසා මගීන් වැඩි සංඛ්‍යාවක් දුම්රිය ගමනාගමනට එක් වීමෙන් විශාල මගී තදබදයක් හට ගෙන ඇති බව ඒ මහතා කියා සිටියේය.