29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොලීසියේ ඉල්ලීමක් අධිකරණයෙන් විසිවෙයි

පොලීසියේ ඉල්ලීමක් අධිකරණයෙන් විසිවෙයි

විශ්වවිද්‍යාල සිසුන් විසින් අද (02) කොළඹදී පැවැත්වීමට නියමිත පා ගමන වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ප්‍රතික්ෂේප කර තිබේ.

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ අසල සිට වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා ගමන් කිරීමට නියමිත පා ගමන මං මාවත් කීපයකට ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට පොලිසිය ඉල්ලීමක් කර තිබූ අතර එය ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ අදාළ පා ගමන්කරුවන් නීතිය හෝ සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 වන වගන්ති යටතේ කටයුතු කිරීමට පොලීසියට බලය තිබෙන බවය.