27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය අනිද්දා සිට

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය අනිද්දා සිට

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියට අදාල ප්‍රවේශපත්‍ර මිළදී ගැනීම සදහා අනිද්දා සිට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනිද්දා පෙරවරු 09 යි 30 සිට සිට එම ටිකට්පත් මිළදි ගත හැකියි.

මාර්ගගත ක්‍රමයට ප්‍රවේශපත්‍ර මිළදි ගැනීමටද අවස්ථාව පවතින අතර ඒ සදහා ක්‍රිකට් ආයතනයේ නිළ වෙබ් අඩවියෙන් අවස්ථාව හිමිවනවා.

රුපියල් 300 සිට 7500 දක්වා කාණ්ඩ යටතේ ප්‍රවේශපත්‍ර මිළට ගත හැකියි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ජූනි 08 වැනිදා සිට ප්‍රවේශපත් අලෙවිය සිදු කෙරෙන අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි ප්‍රවේශපත්‍ර අලෙවිය සිදු කෙරෙන්නේ ජූනි 26 වනදා සිටයි.

තරග පැවැත්වෙන දිනවලදී තරග පැවැත්වෙන ක්‍රීඩාංගන දොරටුවෙන් ප්‍රවේශපත්‍ර මිළදී ගැනිමේ හැකියාවක් නැහැ.