28 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද ගෑස් කොළඹට පමණයි

අද ගෑස් කොළඹට පමණයි

වෙළෙඳපොළට අද (03) නිකුත් කරන්නේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 16,000ක් පමණක් බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම ගෑස් සිලින්ඩර් කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල බෙදා හරින බව ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් සඳහන් කළේය.

එමෙන්ම සෙසු ප්‍රදේශවලට අද (03) ගෑස් බෙදා නොහරින බවත් එම නිසා ජනතාව ගෑස් මිලදී ගැනීමට පෝලිම්වල රැඳි නොසිටින ලෙසත් සභාපතිවරයා ඉල්ලීමක් කළේය.

ලබන ඉරිදා ගෑස් මෙට්‍රික් ටොන් 2,500 ක් රැගත් නැවක් දිවයිනට සේන්දු වීමට නියමිත අතර ඉන් අනතුරුව ගෑස් බෙදා හැරීම යළි ආරම්භ කරන බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.