29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඇමති නිමල්ගෙන් ජපන් රජයට පැමිණිල්ලක්

ඇමති නිමල්ගෙන් ජපන් රජයට පැමිණිල්ලක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නව මගී පර්යන්ත සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල ඇති බරපතළ ප්‍රමාදය සම්බන්ධයෙන් ජපාන රජයට පැමිණිලි කරන බව වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්ත සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (02) එක්වූ අවස්ථාවේදීය.

ඉදිකිරීම් කටයුතුවල ප්‍රමාදය ගැන එම ඉදිකිරීම් භාර ජපාන කොන්ත්‍රාත් සමාගම්වලට අමාත්‍යවරයා එහිදී සිය අප්‍රසාදයද පළ කළ අතර මීට අට වසරකට පමණ ඉහතදී අත්සන් තැබුණු ගිවිසුමට අනුකූලව මේ වනවිට මෙම පර්යන්තයේ ඉදිකිරීම් අවසන් මට්ටමකට පැමිණිය යුතුව තිබේ.

කටුනායක ජත්‍යන්තර ගුවන්තොටුපළේ දැනට පවතින මගී පර්යන්තයේ පවතින දැඩි තදබදයට විසඳුමක් ලෙස මෙම නව මගී පර්යන්තයේ සහ ගුවන්යානා මෙහෙයුම් පද්ධතිය ඉදිකිරීම ආරම්භ කළේය.