චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබෙන ඖෂධ සහ අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ තොගයේ පළමු කොටස අද (03) මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඩොලර් මිලියන 28ක ඖෂධ මෙරටට ලැබෙන බව එහි ලේකම් ජනක චන්ද්‍රගුප්ත සඳහන් කළේය.
මේ අතර පවතින ඖෂධ හිඟය සහ ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතය.