27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සිසුවියකට හදි කළ යුද හමුදා සෙබළා අත්අඩංගුවට

පාසල් සිසුවියකට හදි කළ යුද හමුදා සෙබළා අත්අඩංගුවට

තිරප්පනේ ප්‍රදේශයේ පාසලක ගුරු විවේකාගාරයක් තුළදී බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනය කළ සිද්ධියකට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි යුද හමුදා සෙබළෙක් බව පොලිසිය පවසයි.

15 හැවිරිදි අදාළ පාසල් සිසුවිය පාසල් ගුරු විවේකාගාරය තුළදී අපයෝජනය කළ බවට දැරිය, ඇයගේ මවට පැවසීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර සිදුකළ විමර්ශනවලදී සැකකාර යුද හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළේය.

පාසල් වේලාවෙන් පසුව සැකකරු විසින් අදාළ දැරිය අපයෝජනය කර ඇති බවත් මූලික පොලිස් විමර්ශවලදී අනාවරණ වී තිබේ.