31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාසල් 35ක් චක්‍රලේඛ උල්ලංඝණය කර සිසුන් ඇතුලත් කරලා

පාසල් 35ක් චක්‍රලේඛ උල්ලංඝණය කර සිසුන් ඇතුලත් කරලා

චක්‍රලේඛවලට පටහැනිව ප්‍රධාන පෙළේ ජාතික පාසල් 35ක අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් දැනට පැවැත්වෙන විගණන පරීක්ෂණ අවසන් වී ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තෙක් එම පාසල්වල අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම නතර කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අපේ රටේ ජාතික පාසල් 393ක් තිබෙනවා. එයින් 35ක් නගර ආශ්‍රිතව තිබෙන ප්‍රමුඛ පෙළේ පාසල්. ඒ පාසල්වල පසුගිය වකවානුවේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව ඉක්මවා යමින් සිසුන් ඇතුළත් කිරීම් ගණනාවක් සිදුව තිබෙනවා. ඒ නිසා පසුගිය අවුරුදු එකහමාරක කාලය ඇතුළත මෙම පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම් සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදු කිරීම සඳහා විගණකාධිපතිවරයාට යොමු කර තිබෙනවා. ඒ නිසා විගණන පරීක්ෂණ අවසන් වෙලා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා තෙක් මේ කිසිම පාසලක අතරමැදි පන්ති සඳහා මේ දිනවල දරුවන් ඇතුළත් කිරීමට කිසිම ඉඩකඩක් නෑ.