26.7 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාර්තුවේ ඉපදි බෙංගාලි ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනා මහජන ප්‍රදර්ශනයට

මාර්තුවේ ඉපදි බෙංගාලි ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනා මහජන ප්‍රදර්ශනයට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගිය මාර්තු මස 03 වැනිදා ඉපදුණු බෙංගාලි ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනා මාස තුනකට පසු ඊයේ (02) මහජන ප්‍රදර්ශනයට යොමු කළ බව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් ප්‍රේමකාන්ත පවසයි.

මොවුන්ගේ පියා (රොබින්) ලෙසත් මව (කෙල්ල) ලෙසත් හඳුන්වනු ලබන අතර 2008 වසරේදී මොවුන් දෙදෙනා චීනයේ සත්වෝද්‍යානයකින් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබේ.

මෙම පැටවුන් තිදෙනා පිරිමි සතුන් ලෙස ඉපිද ඇති අතර මේ වන විට මව්කිරි පමණක් බොමින් හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසුවන බවත් මාස තුනක් වන මෙම පැටවුන් තිදෙනාට මාස හයකින් පසු සුළු වශයෙන් මස් මාංශ හුරු කරන බව එහි මෙහෙයුම් අධ්‍යක්ෂීකා අනෝමා ප්‍රියදර්ශනී පැවසුවාය.

මේ වනවිට දෙහිවල සත්වෝද්‍යානයේ බෙංගලී ව්‍යාඝ්‍ර ජෝඩු දෙකක් හා මෙම පිරිමි පැටවුන් තුනක්ද සමඟ හත්දෙනෙකු මහජන ප්‍රදර්ශනයට තබා තිබේ.