25 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ අසීරු මොහොතේදී ලංකාවට උපරිම සහය දෙන්න - ජී. එල්. පීරිස්

මේ අසීරු මොහොතේදී ලංකාවට උපරිම සහය දෙන්න – ජී. එල්. පීරිස්

මෙම අසීරු මොහොතේදී ශ්‍රී ලංකාවට තම උපරිම සහය ලබාදෙන ලෙස විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් තානාපතිවරුන්ගෙන් ඉල්ලා තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව අමතමිනි.

විදේශ කටයුතු අමාත්‍වරයා සිය දේශනය අතරතුර ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්ත්වය සහ ඉන්ධන හිඟය, ගෑස් හිඟය, අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදන හිඟය සහ විදුලිය කප්පාදුව වැනි උග්‍ර ගැටලු ඇතුළු රජය මුහුණදෙන අභියෝග පිළිබඳව විස්තර කර තිබේ.

මේ සම්බන්ධයෙන් රජය ගෙනඇති ක්‍රියාමාර්ග පිළිබඳවද විදේශ කටයුතු අමාත්‍යවරයා සවිස්තරාත්මකව කරුණු දැක්වූ අතර මෙම අසීරු මොහොතේදී තම උපරිම සහය ලබාදෙන ලෙස තානාපතිවරුන්ගෙන් ඉල්ලූ බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවද සඳහන් කළ අමාත්‍යවරයා, මෙම සුවිශේෂී නීති සම්පාදනය සතු ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ගෙනහැර දැක්වීය.