― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමේ වසරේ ණය ගෙවන්න තවත් ඩොලර් බිලියන 06ක් ඕනේ

මේ වසරේ ණය ගෙවන්න තවත් ඩොලර් බිලියන 06ක් ඕනේ

රටේ සංචිත ඉහළ නැංවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 05ක් හා මෙම වසරේ ණය ගෙවීම සඳහා තවත් ඩොලර් බිලියන 1ක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් මෙම මාසය අවසන් වන විට එම සාකච්ඡා අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මූල්‍ය හා නීති උපදේශකයින් පත් කිරීමෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කර ඇති බවයි. අර්බුදය සමනය කිරීමට උපකාර වන ඕනෑම මූල්‍යමය පාලමක් රඳා පවතින්නේ IMF සමඟ එළඹෙන ගිවිසුමක් මත බවද එහිදී පෙන්වා දී තිබේ.

පරිත්‍යාගශීලී රටවල් සමඟ තවදුරටත් සාකච්ඡා සිදුකරන බවත් ජපානය සමඟ බිඳ වැටී ඇති සබඳතා යථා තත්ත්වයට පත් කරන බවත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ඔවුන්ගේ විශ්වාසය යළි ඇති කර ගැනීමට යම් කාලයක් ගතවනු ඇති බවත් අද (03) පැවති සාකච්ඡාවේදී පැවසීය.

හදිසි අවෂ්‍යතා සහිත ඖෂධ සැපයීම සඳහා වන ජාත්‍යන්තර ආයාචනය සඳහා මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් නායකත්වය දෙනු ලබන බව එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.